Home MALIGAWILA ASSAJI THERO

අති පූජ්‍ය මාලිගාවිල අස්සජි ස්වාමින් වහන්සේ

රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුප්පාදක රාජකීය පණ්ඩිත පූජ්‍යපාද කඩවැද්දූව ශ්‍රී ජිනවංශ මහා ස්වාමීන්වහන්සේ, රාජකීය පණ්ඩිත පූජ්‍යපාද මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමීන්වහන්සේ, ත්‍රිපිටකාචාර්ය, කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ වැනි ලංකාවේ වැඩ සිටි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යත්වයෙන් කුඩා කල උතුම් පැවිදි දිවියට පත් වූ පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ මීතිරිගල ධර්මායතනයෙන් හා අම්බලන්ගොඩ ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයෙන් ත්‍රිපිටක ධර්මය හදාරා, වැඩි දුර අධ්‍යාපනය සඳහා පිරිසිදු ථෙරවාදී බෞද්ධ රටක් වන බුරුමයේ හෙවත් මියන්මාරයේ රැංගුන්පරි්‍යප්ති ශාසන විශ්ව විද්‍යාලයට ඇතුලත් වූහ.

එහිදී, බුරුම භාෂාව ද හොඳින් ප්‍රගුණ කරමින් ත්‍රිපිටක ධර්මය, බෞද්ධ ඉතිහාසය හා බෞද්ධ භාවනාවන් පිළිබඳ උපාදිය නිමකොට මව් බිමට වැඩම කරන ලද උන්වහන්සේ ගාල්ල ශ්‍රී ඥාණෝභාස භාවනා මධ්‍යස්ථානය ආරම්භ කරමින් දකුණු පළාතේ මෙන්ම ලක්වැසි ජනතාවට තමන් වහන්සේ ඉගෙනගත් ධර්මය ඛෙදා දෙමින් විශාල මෙහෙවරක් කරති.

උන්වහන්සේ සිද්ධ කරන්නා වූ ශාසනික හා ජාතික මෙහෙවර තවත් පුළුල් කිරීමේ අරමුණින් 2016 පෙබරවාරි 20 වන දින TV දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව හා TV දිදුල ළමා රූපවාහිනී නාලිකාව ආරම්භ කළහ. නිර්මල වූ බුදු වදන නිවැරදිව බෞද්ධ ලෝකයා වෙත සන්නිවේදනය කරන දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවත් ලාංකීය ළමා පරපුරේ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය කරන TV දිදුල ළමා රූපවාහිනී නාලිකාවත් මේ වන විට විශාල ජනතා ප්‍රසාදයකට පත්ව ඇත. සංහිඳ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ස්වාමීන්වහන්සේට මේ උතුම් ශාසනික හා ජාතික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට අවැසි ශක්තිය ධෛර්ය ලැබේවායි මෙත් සිතින් පතමු…

අති පූජ්‍ය මාලිගාවිල අස්සජි ස්වාමින් වහන්සේගේ විශේෂ අවස්ථාවන්

ශ්‍රී ඥාණෝභාස යෝගාශ්‍රමය

ගාල්ල ඉහල ඩික්සන් පාර ශ්‍රී ඥාණෝභාස යෝගාශ්‍රමය 1999.01.30 දින ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය නාඋයනේ අරියධම්ම අනුනායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාදධිකාරී අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරදි මෙහි ආරම්භය ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කථීක TV දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ සිදු කලහ.

ගාල්ල නගරයේ සිට මීටර් 300 යන විට ගාල්ල ඉහල ඩික්සන් පාර ශ්‍රී ඥාණෝභාස යෝගාශ්‍රමය රමණීය කදු මුදුනක නිසංසල පරිසරයක පිහිටි උතුම් විවේකාස්ථානයකි.
ඔක් පැත්තකින් ගාලූ නගරය දර්ශනය වන අතර ගාලූ වරාය රූමස්සල කදු වැටිය සහ අවට පරිසරය තුලින් හමා එන සිසිල් සුල`ගත් සමග භාවනා වඩන බුදු සව්වන්ගේ සිත සමාධිමත් කරන පුද බිමකි.

පුර පසලොස්වක පොහොය දිනයන්හි දහස් ගනන් සිල් පිරිස ද, නිති සිදුවන සති භාවනා, ඉරිදා දින භාවනා හා ආගමික කටයුතු දින චර්යාවකට අනුව ඉතා හොදින් සිදුවන අතර තවද, ගාලූ නගරයට පමණක් නොව දකුණු පලාතේම පාසැල් සම්බන්ධ කරගනිමින් විවිධ ආගමික කටයුතු සංවිධානය වේ.
විශේෂයෙන් තරුණ දරුවන්ගේ අධ්‍යාත්මික දියුණුව සඳහා සිදු කරන මෙහෙවර අපමනය.

මෙම ජාතික, ආගමික, ශාසනික කටයුතු කිරීමෙහිලා ශී්‍ර ඥාණෝභාස යෝගාශ්‍රමීය දායක සභාව එම ස්ථානයේ ආරක්ෂක සභාව වශයෙන් සියළු කටයුතු සිදු කරන අතර දහම් සිතිවිලි සමාජය නමින් තරුණ සංවිධානය මගින් ද අපමණ ආගමික මෙහෙවරක් සිදු කරයි.

වත්මන් යුගයට අවශ්‍ය මෙම උදාර මෙහෙවර සම්බන්දයෙන් දෙස් විදෙස් විද්වත් ගිහි පැවිදි උතුමන්ගේ ගෞරවාදරයට මේ වන විටත් පාත්‍රවී හමාරය. මේ සඳහා දුර දක්නා නුවණින් උදාර මෙහෙවරක යෙදී සිටින ශ්‍රී ඥාණෝභාස යෝගාශ්‍රමාධිපති ත්‍රිපිටක විශාරද විචිත්‍ර ධර්ම කථීක TV දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රධාන දායක සභාවට සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවයෙන් ශක්තිය ලැෙබීවායි ප්‍රාර්ථනා කරමු.

අති පූජ්‍ය මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා