Home Donations

ඔබ බෞද්ධ දිදුල නාලිකාවට අධාර කරන්නේ ඇයි?

මිනිසෙකු අවබෝධාත්මක මිනිසෙකු බවට පත් වන්නේ ආගමක් දහමක් තුලින් පමණයි මිනිසෙකුට ආගමක් දහමක් අවශ්‍ය වන්නේත් සල්ලි මිල මුදල් වතු පිටි කුඹුරු හෝ කීර්ති ප්‍රසංසා ලබා ගැනීමට නොව ඔවුන්ගේ කාර්ය බහුල අසහන කාරී අතෘප්තිකර ජීවිත නිවුන සැනසුන ජීවිත බවට පත්කර ගැනීමය දිනෙන් දින ඉතා සීග්‍රයෙන් මෛත්ත්‍රීය කරුණාව දයානුකම්පාව කාලගුණ සැලකීම වැනි උතුම් මිනිස් ගුණයන්ගෙන් පිරිහී වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වැනි අධර්මයෙන් වල්මත් වී සිටින සමාජය යම් තරමකට හෝ යහ මගට ගැනීමට හැකි වන්නේ ඔවුන්ට බුදු දහම අවබෝධ කිරීමට ඉඩ සලසා දීමෙන් බව අප අවබෝධ කල යුතුයි.

ගරු සභාපති පූජ්‍යපාද මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු අප ටීවී දිදුල බෞද්ධ නාලිකාව හා ළමා නාලිකාවත් කැපවී සිටින්නේ ඒ සමාජ මෙහෙවර සම්පූර්ණ කිරීමටයි.

මේසා විශාල කටයුත්තක් සිද්ධ කිරීම එක් පුද්ගලයෙකුට දෙතුන් දෙනෙකුට කල හැකි දෙයක් නොවේ පරාර්ථකාමී පුළුල් හදවතක් ඇති යහපත් පුද්ගලයන්ගේ එකතුවකින් කල හැක්කකි.

ටීවී දිදුල අප පින් දීමෙන් යුතුව ඔබට සිහිපත් කරනුයේ මේ මහා සමාජ සත්කාරයේදී ඔබේ නොමසුරු දායකත්වය දෙමින් ඔබ අපට ශක්තියක් වන බැවිනි එසේම ඔබ සිද්ද කරන්නා වූ ආධාරය සමාජ මෙහෙවර කීපයක් ඉටු කිරීමට උපකාරී වන බව සැලකිය යුතුය.

මෙවැනි සමාජ සත්කාරයන්ට උපකාරී වෙමින් ඔබේ ජීවිතයද උතුම් කුසල ධර්මයන්ගෙන් පෝෂණය කර ගත හැකිය !