“ළමා හා බෞද්ධ යන අංශ දෙකක් යටතේ දිදුල නාලිකාව විකාශය වන අතර මෙහිදී අප බලාපොරොත්තු වනුයේ සමස්ථ ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී සද්ධර්මය නිරවද්‍යව ප්‍රචාරය කිරීමත් එමෙන්ම ළමා අංශය මගින් බලාපොරොත්තු වනුයේ සමස්ථ රට වැසි ලෝ වැසි ළමා පරපුර ගුණධර්මවලින් යහපත් පරිපූර්ණ දරුවන් කැලක් බවට පත් කිරීමයි ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ කිසිඳු රූපවාහිනි නාලිකාවකින් සිදු නොකල දෙයක් දිදුල රූපවාහිනි නාලිකාවෙන් බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත්, අනාගත දරු පරපුරටත් ලබා දීම අපගේ ඒකායන බලාපොරොත්තුවයි”

බෞද්ධ වැඩසටහන්

Search

සබ්බ දානං ධම්ම දානං ජිනාති

“සියලූම දානයන් පරදා ධර්ම දානයම උතුම් වන්නේ යැයි වදාල බුදු වදනට අනුව මේ මහා පොළොව බෙර ඇසක් මෙන් සමතලා කොට පෘථීවියේ සිට බඹතලය තෙක් පිරිකර ගොඩ ගසා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා පිරිනමන්නා වූ මහා සාංඝික දානයක ආනිසංසයට වඩා ධර්ම ධානයේ ආනිසංසමය උතුම් වන්නේය.”

TV DIDULA BUDDHIST​