Home Contribution

වැඩසටහන් සඳහා අනුග්‍රහය දැක්වීම

සබ්බ දානං ධම්ම දානං ජිනාති

සියලූම දානයන් පරදා ධර්ම දානයම උතුම් වන්නේ යැයි වදාල බුදු වදනට අනුව මේ මහා පොළොව ඛෙර ඇසක් මෙන් සමතලා කොට පෘථීවියේ සිට බඹතලය තෙක් පිරිකර ගොඩ ගසා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා උදෙසා පිරිනමන්නා වූ මහා සාංඝික දානයක ආනිසංසයට වඩා ධර්ම ධානයේ ආනිසංසමය උතුම් වන්නේය. මිනිසෙක් නිවැරදි මිනිසෙක් කළ හැක්කේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වීමෙන් පමණක් බැවිනි. එබැවින් එක් කෙනෙකුට, දෙදෙනෙකුට, කිහිප දෙනෙකුට නොව දහම් පිපාසෙන් පෙළෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ දහම් පිපාසය සංසිදුවා, නුවණැස පහදා දී ලොව උතුම්ම දානමය පිංකමේ කොටස් කරුවෙකු වීමෙන් පින්වත් ඔබට ලැඛෙන ආනිසංස මෙතෙක් යැයි කිව නොහැක. එය ඔබේ මෙලොව ජීවිතයේ නුවණැස වැඩෙන, සියලූ සැප සම්පත් ලගා කර දෙන ආශිර්වාදයක් වන අතර සසර වසන තුරු කිසිම කලෙක දුගතියට නොවැටී මිත්‍යා දෘෂ්ඨිකයෙක් නොවී මහා ප්‍රඥ්ඤා වන්තයින් ලෙස දෙව් මිනිස් සැප කෙළවර උතුම් නිවන් සැපතද ලගා කර දෙන මහා පිංකමකි.

ධර්ම දානමය පිංකමේ කොටස් කරුවෙකු වී අවිදු අදුරේ ගිලී සිටින ජනතාවගේ නුවණැස පහදා දීමට ඔබටද ශක්තිය ලැබේවා….!!!

සඳ මත පා තැබිමට, සත් සමුදුර තරණය කිරිමට, ගුවන තරණය කිරිමට, පරමාණු ශක්තිය යොදා මුළු ලොවක් සුළු මොහොතකින් විනාශය කිරිමට හා මුළු ලොවම විශ්ව ගම්මානයක් කිරිමට තරම් නවීන විද්‍යාවෙන් මිනිසා දියුණු උවද උසස් මනසක් ඇති ඔහු අධ්‍යාමික වශයෙන් සිටින්නේ කොතැනකදැයි මොහොතක් සිතා බලන්න. රාග ද්වේශ මෝහ ඊර්ශ්‍යා ක්‍රෝධා දී කෙලෙසුන්ගෙන් මත්වී. සිදු කරණ සමහර ක්‍රියාවන් මිනිසෙකුට කළ හැකිදැයි සිතිමට පවා අපහසුය. රාගයෙන් මත්ව, ද්වෙශයෙන් ගිනිගෙන, මෝහයෙන් මුලාව සසර සැරි සරන මිනිස් සිත නිවාළිය හැක්කේ නිර්මල බුදු දහමින් බව පැහැදිලිය.

මෙය මනාව වටහාගත් ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේඛකාධ්කාරි ත්‍රිපිටකාචාර්ය විචිත්‍ර ධර්ම කථීක පුජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාම්න් වහන්සේ හා දිදුල බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය මාලිගාවිල අස්සජි ස්වාමින් වහන්සේ ඇතුළු මහ සඟරුවනගේ පුර්ණ අනුශාසනය හා අධීක්ශණය යටතේ ඩයලොග් ටීවී, පියෝ ටීවී , යු ටියුබ් හා වෙබ් අඩවි ඔස්සේ දහම් පිපාසාවෙන් පෙලෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ධර්ම ධර, විනය ධර, ධර්ම කථීක ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරනු ලබන දහම් බිඳක් ශ්‍රවනය කිරිමට ඉඩ සලසා දිමට අප සංහිඳ මාධ්‍ය ජාලය කැපවි සිටිමු. එය ඉතා බැරූරුම් හා අධික මුල්‍ය පිරිවැයක් දරා සිදුකල යුත්තක් වුවද , ශාසනික හා ජාතික මෙහෙවරක් ලෙස සලකා එය සම්පුර්ණ කිරිමට අප මාධ්‍ය ජාලය කටයුතු කරමු.

ධර්ම දේශනා සඳහා දායක විය හැකි ආකාරය

30,000
  • දායකත්ව මුදල - Rs 25 000.00
  • ස්වාමින් වහන්සේගේ ගමන් වියදම් - Rs 5000.00

දිදුල නාලිකාවේ විකාශය වන බෞද්ධ වැඩසටහන් සඳහා අනුග්‍රහය

10,000
  • එක් බෞද්ධ වැඩසටහනක දායකත්ව මුදල - Rs 10 000.00

මෙවැනි සමාජ සත්කාරයන්ට උපකාරී වෙමින් ඔබේ ජීවිතයද උතුම් කුසල ධර්මයන්ගෙන් පෝෂණය කර ගත හැකිය !