පොහොය දින දර්ශනය

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ~ 2567

ව්‍යවහාර වර්ෂ 2023

Home Sathara Pohoya Dina Darshanaya

~~සතර පෝයට සිල් සමාදන් වෙමු ~~

2023 වසරේ සතර පොහොය දිනයන්, පොහොය ලබන ගෙවෙන වේලාවන්, සිල් සමාදන් විය යුතු දවස්, පොහොය වැදගත්කම සහිත
සවිස්තරාත්මක සතර පොහොය දින දර්ශනය (පොහොය ලිත)

පින්බර උඳුවප් පුන් පොහෝ දින

ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.

  • පුර අටවක – නොවැම්බර් 30 බදාදා
    නොවැ. 30 බදාදා පූ.භා. 08.58 න් පුර අටවක ලබා දෙසැ. 01 බ්‍රහස්පතින්දා පූ.භා. 07.21 න් ගෙවේ. බදාදා සිල්

  • පසළොස්වක – දෙසැම්බර් 07 බදාදා
    දෙසැ. 07 බදාදා පූ.භා. 08.01 න් පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.37 න් ගෙවේ. බදාදා සිල්

  • අව අටවක – දෙසැම්බර් 16 සිකුරාදා
    දෙසැ. 16 සිකුරාදා පූ.භා. 01.39 න් අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 න් ගෙවේ. සිකුරාදා සිල්

  • අමාවක – දෙසැම්බර් 23 සිකුරාදා
    දෙසැ. 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.13 න් අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 න් ගෙවේ. සිකුරාදා සිල්

පින්බර දුරුතු පුන් පොහෝ දින

  • උරුවේල ජනපදයේදී උරුවේල කස්සප, නදී කස්සප, ගයා කස්සප තුන්බෑ ජටිලයන් ප්‍රධාන දහසක් දෙනා දමනය කොට ඒහි භික්ඛු භාවයෙන් ගෞතම සසුනෙහි පැවිදි බව ලැබීම සිදුවූයේ දුරුතු පුන් පොහෝ දිනකය.
  • ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස අටක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
  • සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.
  • පුර අටවක – දෙසැම්බර් 30 සිකුරාදා

     දෙසැ. 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 න් පුර අටවක ලබා 30 සිකුරාදා අ.භා. 06.41 න් ගෙවේ. සිකුරාදා සිල්
     
  • පුර පසළොස්වක – ජන. 06 සිකුරාදා

     ජන. 06 සිකුරාදා පූ.භා. 02.14 න් පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.37 න් ගෙවේ. සිකුරාදා සිල්
 
  • අව අටවක – ජනවාරි 15 ඉරිදා

     ජන. 14 සෙනසුරාදා අ.භා. 07.23 න් අව අටවක ලබා 15 ඉරිදා අ.භා. 07.45 න් ගෙවේ. ඉරිදා සිල් 
 
  • අමාවක – ජනවාරි 21 සෙනසුරාදා

     ජන. 21 සෙනසුරාදා පූ.භා. 06.17 න් අමාවක ලබා 22 ඉරිදා පූ.භා. 02.23 න් ගෙවේ. සෙනසුරාදා සිල්

පින්බර නවම් පුන් පොහෝ දින

  • සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
  • ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය
  • බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.
  • පුර අටවක – ජනවාරි 28 සෙනසුරාදා

    ජන. 28 සෙනසුරාදා පූ.භා. 08.43 න් පුර අටවක ලබා 29 ඉරිදා පූ.භා. 09.05 න් ගෙවේ. සෙනසුරාදා සිල්

  • පසළොස්වක – පෙබරවාරි 05 ඉරිදා
    පෙබ. 04 සෙනසුරාදා අ.භා. 09.30 න් පසළොස්වක ලබා 05 ඉරිදා අ.භා. 11.58 න් ගෙවේ. ඉරිදා සිල්

  • අව අටවක – පෙබරවාරි 13 සඳුදා
    පෙබ. 13 සඳදා පූ.භා. 09.46 න් අව අටවක ලබා 14 අඟහරුවාදා පූ.භා. 09.04 න් ගෙවේ. සඳදා සිල්

  • අමාවක – පෙබරවාරි 19 ඉරිදා
    පෙබ. 19 ඉරිදා අ.භා. 04.18 න් අමාවක ලබා 20 සඳුදා අ.භා. 12.35 න් ගෙවේ. ඉරිදා සිල්

පින්බර මැදින් පුන් පොහෝ දින

බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.

  • පුර අටවක – පෙබරවාරි 27 සඳුදා

    පෙබ. 27 සඳුදා පූ.භා. 00.59 න් පුර අටවක ලබා 28 අඟහරුවාදා පූ.භා. 02.21 න් ගෙවේ. සඳුදා සිල්

     

  • පසළොස්වක – මාර්තු 06 සඳුදා

    මාර්තු 06 සඳුදා අ.භා. 04.17 න් පසළොස්වක ලබා 07 අඟහරුවාදා අ.භා. 06.10 න් ගෙවේ. සඳුදා සිල්

     

  • අව අටවක – මාර්තු 15 බදාදා

    මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.22 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.45 න් ගෙවේ. බදාදා සිල්

     

  • අමාවක – මාර්තු 21 අඟහරුවාදා

     මාර්තු 21 අඟහරුවාදා පූ.භා. 01.47 න් අමාවක ලබා එමදා අ.භා. 11.52 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පින්බර බක් පුන් පොහෝ දින

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.

  • පුර අටවක – මාර්තු 29 බදාදා
    මාර්තු 28 අඟහරුවාදා අ.භා. 07.02 න් පුර අටවක ලබා 29 බදාදා අ.භා. 09.07 න් ගෙවේ. බදාදා සිල්

     

  • පසළොස්වක – අප්‍රේල් 05 බදාදා
    අප්‍රේල් 05 බදාදා පූ.භා. 09.19 න් පසළොස්වක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 10.04 න් ගෙවේ. බදාදා සිල්

     

  •  අව අටවක – අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා

    අප්‍රේල් 13 බ්‍රහස්පතින්දා පූ.භා. 03.44 න් අව අටවක ලබා 14 සිකුරාදා පූ.භා. 01.34 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

     

  •  අමාවක – අප්‍රේල් 19 බදාදා

    අප්‍රේල් 19 බදාදා පූ.භා. 11.23 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.42 න් ගෙවේ. බදාදා සිල්

පින්බර වෙසක් පුන් පොහෝ දින

  • ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.

  • සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

  • බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.

  • ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.
  • පුර අටවක – අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා
    අප්‍රේල් 27 බ්‍රහස්පතින්දා අ.භා. 01.39 න් පුර අටවක ලබා 28 සිකුරාදා අ.භා. 04.01 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

     

  • පසළොස්වක – මැයි 05 සිකුරාදා
    මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.44 න් පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.03 න් ගෙවේ. සිකුරාදා සිල්

     

  •  අව අටවක – මැයි 12 සිකුරාදා

    මැයි 12 සිකුරාදා පූ.භා. 09.06 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.50 න් ගෙවේ. සිකුරාදා සිල්

     

  •  අමාවක – මැයි 19 සිකුරාදා

    මැයි 18 බ්‍රහස්පතින්දා අ.භා. 09.23 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.23 න් ගෙවේ. සිකුරාදා සිල්

පින්බර පොසොන් පුන් පොහෝ දින

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.

  • පුර අටවක – මැයි 27 සෙනසුරාදා
    මැයි 27 සෙනසුරාදා පූ.භා. 07.42 න් පුර අටවක ලබා 28 ඉරිදා පූ.භා. 09.57 න් ගෙවේ. සෙනසුරාදා සිල්

     

  • පසළොස්වක – ජුනි 03 සෙනසුරාදා
    ජුනි 03 සෙනසුරාදා පූ.භා. 11.17 න් පසළොස්වක ලබා 04 ඉරිදා පූ.භා. 09.11 න් ගෙවේ. සෙනසුරාදා සිල්

     

  •  අව අටවක – ජුනි 10 සෙනසුරාදා

    ජුනි 10 සෙනසුරාදා අ.භා. 02.02 න් අව අටවක ලබා 11 ඉරිදා අ.භා. 12.06 න් ගෙවේ. සෙනසුරාදා සිල්

     

  •  අමාවක – ජුනි 17 සෙනසුරාදා

    ජුනි 17 සෙනසුරාදා පූ.භා. 09.11 න් අමාවක ලබා 18 ඉරිදා පූ.භා. 10.06 න් ගෙවේ. සෙනසුරාදා සිල්

පින්බර පොසොන් පුන් පොහෝ දින

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.

  • පුර අටවක – ජුනි 26 සඳුදා
    ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න් පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.05 න් ගෙවේ. සඳුදා සිල්

     

  • පසළොස්වක – ජූලි 03 සඳුදා
    ජූලි 02 ඉරිදා අ.භා. 08.21 න් පසළොස්වක ලබා 03 සඳුදා අ.භා. 05.08 න් ගෙවේ. සඳුදා සිල්

     

  •  අව අටවක – ජූලි 10 සඳුදා

    ජූලි 09 ඉරිදා අ.භා. 08.00 න් අව අටවක ලබා 10 සඳුදා අ.භා. 06.44 න් ගෙවේ. සඳුදා සිල්

     

  •  අමාවක – ජූලි 17 සඳුදා

    ජූලි 16 ඉරිදා අ.භා. 10.08 න් අමාවක ලබා 18 අඟහරුවාදා පූ.භා. 00.01 න් ගෙවේ. සඳුදා සිල්

පින්බර ඇසළ පුන් පොහෝ දින

  • අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.

  • සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.

  • ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.

  • බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.
  • පුර අටවක – ජූලි 25 අඟහරුවාදා
    ජූලි 25 අඟහරුවාදා අ.භා. 03.08 න් පුර අටවක ලබා 26 බදාදා අ.භා. 03.52 න් ගෙවේ. අඟහරුවාදා සිල්

     

  • පසළොස්වක – අගෝස්තු 01 අඟහරුවාදා
    අගෝස්තු 01 අඟහරුවාදා පූ.භා. 03.52 න් පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 00.01 න් ගෙවේ. අඟහරුවාදා සිල්

     

  •  අව අටවක – අගෝස්තු 08 අඟහරුවාදා

    අගෝ. 08 අඟහරුවාදා පූ.භා. 04.14 න් අව අටවක ලබා 09 බදාදා පූ.භා. 03.52 න් ගෙවේ. අඟහරුවාදා සිල්

     

  •  අමාවක – අගෝස්තු 15 අඟහරුවාදා

    අගෝ. 15 අඟහරුවාදා අ.භා. 12.43 න් අමාවක ලබා 16 බදාදා අ.භා. 03.07 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පින්බර නිකිණි පුන් පොහෝ දින

  • ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.
  • පුර අටවක – අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
    අගෝ. 24 බ්‍රහස්පතින්දා පූ.භා. 03.31 න් පුර අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

     

  • පසළොස්වක – අගෝස්තු 30 බදාදා
    අගෝ. 30 බදාදා පූ.භා. 10.58 න් පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා පූ.භා. 07.05 න් ගෙවේ. බදාදා සිල්

     

  •  අව අටවක – සැප්තැම්බර් 06 බදාදා

    සැප්. 06 බදාදා අ.භා. 03.37 න් අව අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 04.14 න් ගෙවේ. බදාදා සිල්

     

  •  අමාවක – සැප්තැම්බර් 14 බ්‍රහස්පතින්දා

    සැප්. 14 බ්‍රහස්පතින්දා පූ.භා. 04.49 න් අමාවක ලබා 15 සිකුරාදා පූ.භා. 07.09 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පින්බර බිනර පුන් පොහෝ දින

ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

  • පුර අටවක – සැප්තැම්බර් 22 සිකුරාදා
    සැප්. 22 සිකුරාදා අ.භා. 01.35 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.18 න් ගෙවේ. සිකුරාදා සිල්

     

  • පසළොස්වක – සැප්තැම්බර් 29 සිකුරාදා
    සැප්. 28 බ්‍රහස්පතින්දා අ.භා. 06.49 න් පසළොස්වක ලබා 29 සිකුරාදා අ.භා. 03.27 න් ගෙවේ. සිකුරාදා සිල්

     

  •  අව අටවක – ඔක්තෝබර් 06 සිකුරාදා

    ඔක්. 06 සිකුරාදා පූ.භා. 06.35 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.08 න් ගෙවේ. සිකුරාදා සිල්

     

  •  අමාවක – ඔක්තෝබර් 14 සෙනසුරාදා

    ඔක්. 13 සිකුරාදා අ.භා. 09.51 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. සෙනසුරාදා සිල්

 

පින්බර වප් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.

  • සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.

  • ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.
  • පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 22 ඉරිදා
    ඔක්. 21 සෙනසුරාදා අ.භා. 09.53 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 07.59 න් ගෙවේ. ඉරිදා සිල්

     

  • පසළොස්වක – ඔක්තෝබර් 28 සෙනසුරාදා
    ඔක්. 28 සෙනසුරාදා පූ.භා. 04.17 න් පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.53 න් ගෙවේ. සෙනසුරාදා සිල්

     

  •  අව අටවක – නොවැම්බර් 05 ඉරිදා

    නොවැ. 05 ඉරිදා පූ.භා. 00.59 න් අව අටවක ලබා 06 සඳුදා පූ.භා. 03.18 න් ගෙවේ. ඉරිදා සිල්

     

  •  අමාවක – නොවැම්බර් 12 ඉරිදා

    නොවැ. 12 ඉරිදා අ.භා. 02.45 න් අමාවක ලබා 13 සඳුදා අ.භා. 02.57 න් ගෙවේ. ඉරිදා සිල්

පින්බර ඉල් පුන් පොහෝ දින

  • ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.
  • පුර අටවක – නොවැම්බර් 20 සඳුදා
    නොවැ. 20 සඳුදා පූ.භා. 05.21 න් පුර අටවක ලබා 21 අඟහරුවාදා පූ.භා. 03.16 න් ගෙවේ. සඳුදා සිල්

     

  • පසළොස්වක – නොවැම්බර් 26 ඉරිදා
    නොවැ. 26 ඉරිදා අ.භා. 03.53 න් පුර පසළොස්වක ලබා 27 සඳුදා අ.භා. 02.46 න් ගෙවේ. ඉරිදා සිල්

     

  •  අව අටවක – දෙසැම්බර් 05 අඟහරුවාදා

    දෙසැ. 04 සඳුදා අ.භා. 09.59 න් අව අටවක ලබා 06 බදාදා පූ.භා. 00.37 න් ගෙවේ. අඟහරුවාදා සිල්

     

  •  අමාවක – දෙසැම්බර් 12 අඟහරුවාදා

    දෙසැ. 12 අඟහරුවාදා පූ.භා. 06.24 න් අමාවක ලබා 13 බදාදා පූ.භා. 05.01 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පින්බර උඳුවප් පුන් පොහෝ දින

ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.

  • පුර අටවක – දෙසැම්බර් 19 අඟහරුවාදා
    දෙසැ. 19 අඟහරුවාදා අ.භා. 01.07 න් පුර අටවක ලබා 20 බදාදා පූ.භා. 11.14 න් ගෙවේ. අඟහරුවාදා සිල්

  • පසළොස්වක – දෙසැම්බර් 26 අඟහරුවාදා
    දෙසැ. 26 අඟහරුවාදා පූ.භා. 05.47 න් පසළොස්වක ලබා 27 බදාදා පූ.භා. 06.02 න් ගෙවේ. අඟහරුවාදා සිල්